!!!සැලකිය යුතුයි!!!Links Click කිරීමකදී Open වන Ads පිටුවේ තත්:5 කට පසුව Continue Click කරන්න

Pink Art

Side Tab

Sharing Sidebar

Facebook Popup

Disable Copy and Paste

Recent Posts

Saturday, July 30, 2016

ආවර්තිතා වගුවට අලුත් මූලද්‍රව්‍ය හතරක්



ආවර්තිතා වගුවට අලුත් මූලද්‍රව්‍ය 4ක් එකතුවී වෙලා තියනවා. දැනට තිබෙන ආවර්තිතා වගුව යාවත්කාලීන කලයුතු බව International Union of Pure and Applied Chemistry (IUPAC) විසින් පවසා ඇත. මෙම මූලද්‍රව්‍ය මිනිසා විසින් නිර්මාණය කල ඒවා අතර මේ මගින් ආවර්තිතා වගුවේ 7 වෙනි කාණ්ඩය සම්පුර්ණ වී තිබේ. මේවා පෙර හැඳින්වුයේ මේවයේ පරමාණුක ක්‍රමාංක වලින් වන අතර මෙම නම් වල හොඳ නරක යෝජනා කිරීමට ජුනි සිට නොවැම්බර් දක්වා මාස 5ක කාලයක් ලබාදී ඇත.

නිහෝනියම් - Nh
මොස්කොවියම් - Mc
ටෙනිසීන් - Ts
ඔගනෙසියන් - Og

මෙහිදී ආසියානුවෙකුට මූලද්‍රව්‍යක් නම් කිරීමට දුන් පළමු අවස්ථාව වශයෙන් 113 වෙනි මූලද්‍රව්‍ය(Nh) නම් කිරීමේ අයිතිය ජපාන පර්යේෂකයෙකුට ලබාදී තිබෙනවා. මේ සඳහා නම් යොදා තිබෙන්නේ රිකෙන් නිෂිනා මධ්‍යස්ථානයේ පර්යේෂණ කණ්ඩායමක් විසිනි.

115, 117, 118 යන මූලද්‍රව්‍ය සොයාගැනීමට හවුල් වූ ඇමරිකානු හා රුසියානු පර්යේෂකයන්ගේ සහයෝගයෙන් මොස්කොවියම් සඳහා රුසියාවේ මොස්කව් නගරයද, ටෙනිසීන් සඳහා ඇමරිකාවේ ප්‍රාන්තයක් වන ටෙනෙසි ද ඇසුරින් නම් යොදා ඇත. රුසියානු න්‍යෂ්ටික භෞතික විද්‍යාඥ මහාචාර්ය යුරි ඔගනෙසියන් ට ගෞරවයක් ලෙස ඔගනෙසියන් නම්කර තිබෙනවා. රසායනික ලෝක ඉතිහාසයේ ජීවතුන් අතර සිටියදීම තමාගේ නමින් නව මුලද්‍රව්‍යක් නම් කිරීමේ ගෞරවය ලැබූ දෙවැන්න මහාචාර්ය ඔගනෙසියන්ය.

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...