ජර්මනියේ පර්යේෂක පිරිසක් අතිශය නිවැරදි ඔරලෝසුවක් හැදීමට ක්‍රමයක් සොයාගෙන තියනවා. එහි නිරවද්‍යතාවය කොතෙක්ද කිවහොත් මේ විශ්වය ආරම්භය තරම් අතීතයේදී මෙම ඔරලෝසුව ක්‍රියාකිරීම ඇරඹුවත් එහි වෙලාව වෙනස් වෙන්නේ තත්පර 100ක් වැනි කාලයකිනි.
විශ්වයේ මේ වන විට ආයු කාලය ගත්තම තත්පර 100ක් කියන එක අදාලම නෑනේ. ;)
මේකේ වෙලාව ගණනය කරන්නේ අපි දැනට වෙලාව ගනින ආකාරයට නම් නෙමෙයි... මුලින්ම බලමු දැනට වෙලාව ගනින්නේ කොහොමද කියලා.
සාමාන්‍ය ඔරලෝසුවකනම් ඔරලෝසු බට්ටා පදනම් කරගනී, පරමාණුක ඔරලෝසුවල ගණනය කරන්නේ ස්වභාවික සීසියම් පරමාණුවක් ඉදිරියටත් පසුපසටත් වන චලිතය අනුවයි.
අලුත් ඔරලෝසුව හැදූ පසු වෙලාවේ නිවැරදි බවෙහි කිසිඳු වෙනසක් මිනිසුන්ට නොදැනෙනු ඇති බවත් GPS Navigation සඳහා මෙම වේලා වෙනස පැහැදිලිව වැටහෙනු ඇති බවත් කියවේ.
1967 සිට අන්තර්ජාතික ඒකක පද්ධතිය ප්‍රකාශයට පත් කර තිබෙන ආකාරයට තත්පරයක දිග ලෙස සැලකෙන්නේ, සීසියම් පරමාණුවක දෝලනය වීම් මඟින් නිපදවෙන සූක්ෂම තරංග සංඥාවල චක්‍ර 9,192,631,770ක් තුල ගෙවී යන කාලයයි. ඔප්ටිකා නමැති සඟරාවෙහි පලවී ඇති පරිදි අභිනවයෙන් සොයාගත් ඔරලෝසුවේ වේලාව සැකසෙන්නේ ස්ට්රොන්ටියම් පරමාණුවක චලනය වීම අනුවයි. ස්ට්රොන්ටියම් පරමාණුව සීසියම් පරමාණුවට වඩා වේගයෙන් චලනය වන්නකි.
ස්ට්රොන්ටියම් පරමාණුවක චලනය අන්තර්ජාතික ඒකක පද්ධතියට අනුව සාපේක්ෂ වශයෙන් සසඳා බැලුවහොත් තත්පරයක් යනු චක්‍ර බිලියන 429,000 කි. මේ ක්‍රමයට තත්පරයක දිග ගණනය කළහොත් අනෙකුත් ක්‍රම වලට වඩා වැරදි අවම වන බවත්, එසේ වුවත් මේ ක්‍රමය නිල වශයෙන් භාවිත කිරීම තවත් වසර 10ක් පමණ හෝ ප්‍රමාද කිරීම හොඳ බවත් පර්යේෂකයෝ පවසති...










0 comments:
Post a Comment